කවි කියවන්න ආව අය

Showing posts with label අනූෂා නිලන්තිකා. Show all posts
Showing posts with label අනූෂා නිලන්තිකා. Show all posts

Saturday, February 27, 2016

විලාසිනියක දැක...!!

............***.....විලාසිනියක දැක......***.............

සීත පිනි බිඳු සිහිල විඳිමින් කොඳ කැකුළු විල් මතින් පිබිදෙන
ඈත ගිරි හිස සිප පවන් රැල් මුසුව නව හිරු කිරණ නැග එන
සේද සළු නැති ඇගේ රූ සිරි දකින දෙනුවන හැඟුම් තවරන
පේන හසරැලි යටින් ඉකිලන පැතුම් හදවත රිදී කකියන..........

මෑණියන් ලෙඩ ඇඳක වැතිරුන පියෙකු නැති කැණිමඬල සුරකින
ජීවිතේ කප්පරක් දුක් ගිනි අනේ අසරණ ඇයම උහුලන
හී සරය කටු ඔටුන්නක්වී දෙපා යට සුසුමකින් වැලලුන
මේ කිසිත් වග නැති විලාසිනි බලන් ඇවිදින මොණර ගමනින.....

ගගනතින් බැස සුරලියක් රඟ වේදිකාවම සිරින් බබළන
මදහසින් වසඟයට පත් බිඟු ලලිත උණුසුම සොයා පොරකන
ජන මතින් වැඩි බලවතුන් ළඟ ගැබ්බරින් පිරි කුසද නොපෙනුන
සෙනෙහසින් බැඳි හැඟුම් නැති සිත සරාගිනියක් ලෙසින් පිබිදුන.....

තාලයට රස හැඟුම් කලතන ආදරය මුදලටම විකුණන
මාලයට තව සුසුම් අමුණන පා සලඹ හිස් තැනක ගුලිවෙන
පාපයට සුව හැඟුම් මිලිනව සාපයට සුර දෙව්ලියක වුන
පේලියට එන බමර මී මැසි තුඩඟ වැදි මල් සුරඹ පොපියන....

රුවට බැඳි සිත දුවක සේමැයි වගද අමතක වුන මතැත්තෝ
රසට බුදිනෙලු අනේ අගුපිල පිලුනු අහරද මෙවැනි ඇත්තෝ
කයට අඩු වැඩි ලොබ නැතිව ලන දුගී ජන නොදකින පිනැත්තෝ
හිතට අවනඩු තිබුන මුත් ඈ උනයි  පිලි ළඟ මඩ කඩිත්තෝ.........

අනුෂා නිලන්තිකා කිවිඳියගේ නිර්මාණයකි. ඇගේ අවසරය මත උපුටාගෙන පලකරන ලදී.