කවි කියවන්න ආව අය

Showing posts with label දිනේෂ් සිල්වා. Show all posts
Showing posts with label දිනේෂ් සිල්වා. Show all posts

Wednesday, March 9, 2016

බුදු වෙයි නේද අප්පච්චිත්..??


______බුදු වෙයි නේද අප්පච්චිත්??______

සෙනෙහස සුවඳ නොවුණත් මධු බිඳු අතර
හැංගුණ කඳුළු දහදිය පෙනෙනව නිතර
නොපලන් බෙල්ට් කලිසම් නැති මුත් පුයර
සුවඳක් කොහිද මේ සසරෙහි නුඹ විතර

ගැරහුම් නැගුණමුත් විටකදි මගෙ මුවට
සිතනෙමි තනිව එකඟද එය මගෙ සිතට
බැරි බර අරං දිවි පාගපු ඔය පයට
යට වී හිඳිමි,සිසිළයි බෝ මැඩ ලෙසට

පෙනෙනා නොපෙනෙනා දේ අතරෙහි නැවතී
සිතිවිලි ගණිමි හොඳ නරකයි ලෙස ලොවැතී
සෙනෙහස ළඟදි නුඹෙ ඔය පපුතුර යටැතී
හොඳ සහ නරක හොඳ වී මගෙ ළඟ නවතී

දෙන මුත් කඳුළු අපෙ අම්මට හැම රෑක
බුදුවෙයි නේද අප්පච්චිත් මතුදාක
රාහුල ලෙසින් හෝ වී මම සෝපාක
හිඳිනෙමි වඩින මග බිඳිනට භව සෝක

දිනේෂ් සිල්වා කිවිඳුන්ගේ නිර්මාණයකි.
2013 අගෝස්තු මස හය වන දින.