කවි කියවන්න ආව අය

Showing posts with label බී ජී ඇලෝෂිස්. Show all posts
Showing posts with label බී ජී ඇලෝෂිස්. Show all posts

Friday, March 11, 2016

කවි කොළය ...!!

**** කවි කොළය ****
දහවෙනි වසරේ පුංචි ලදැරියක් පරිගණකයකට හිත----------------වැටිලා
ඇවිටිලි කෙරුවා මව් පිය දෙපළට සිත් ‍උණුවෙන ලෙස කඳුළු--------සලා
සතියක් ගතවී යන්නත් මත්තෙන් පරිගණකය නිවසට-------------ලැබිලා
නිදන කාමරෙයි ලැගුම් ගත්තෙ එය දැරිවිගෙ තනිකම නැති--------කරලා

අන්තර්ජාලෙට පිවිසෙන වරමත් දරුවට හනි හනිකට--------------ලැබිලා
දරුවගෙ වැඩ ගැන පියතුම නිහඩයි මව සිටියේනම් උදම්------------වෙලා
ටික ටික කාලය ගතවී යද්දී මුහුණු පොතේ උණුසුම ---------------වැටිලා
දැන් දැන් මහ රෑ චැට් එක යනවා පාසල් පොත් නැත-------------පෙරලීලා

චැට් එක හරහා පෙම්බස් මුමුණණ පෙම්වතෙකුට හදවත------------පුදලා
එයිනුත් ඔබ්බට යන මේ යුවලම කාම සාගරෙත් -----------------කිමිදීලා
චැට් කරනා විට දැනෙනා සුවයෙන් මුළු සිරුරම යයි සලිත-----------වෙලා
චැට් එක අතරෙම සුර සැප ගත්තේ පරිගණකයටම තුරුල්-----------වෙලා

කාලය ගතවිය නොදැක ඉන්ඩ බැහැ හමුවන දවසයි--------පැමිණෙන්නේ
දෙන්නට දෙන්නා හඳුනන්නේ නැහැ ඇඳුමෙ පාට ගැන චැට්-----වෙන්නේ
හමුවන තැන සහ වෙලාව කියලා මහ රෑ යාමෙදි වෙන්-----------වෙන්නේ
හෙට දින වෙනකම් ඉවසිල්ලක් නැහැ එළිවෙන යාමය දිගු------වෙන්නේ

ඔහු කී විලසට ඇදුමක් ඇදගෙන නියම තැනට පසු දින----------යන්නේ
ඇදගෙන සිටි ඒ ඇඳුම් වලින්මයි පෙම්වත බව හදුනා---------------ගත්නේ
අනේ දෙවියනේ මේ අය කවුරුදු දෙදෙනගෙ සියොලග-------වේව්ලන්නේ
මහ රෑ තිස්සේ ඔහු පෙම් කෙරුවේ තම දියණිට බව-----------හෙළිවන්නේ

*********************************************
මෙය ලංකාවේ සිදුවුණ පුවතයි කවියෙන් ඔබ වෙත ගෙන ආවේ
ලොකු පොඩි සැම දෙන අන්තර්ජාලෙදි කාමයෙ ගින්නෙන් වැනසෙන්නේ
මහ රෑ චැට් එක යන විට මේ අය සුර සැප කියලා සැනසෙන්නේ
තිරිසන් විලසින් පෙම්බස් දොඩනා මිනිසුන් ඇයි ‍උල නොතියන්නේ?

ප්‍රේමය සුන්දර චමත්කාරයක් නියම ලෙසින් එය කෙරුවාම
වැරදි ලෙසින් පෙම් කෙරුවොත් වෙන්නේ ජීවිත දෙක තුන වැනසීම
එහෙනම් මිතුරණි පුහුණු කළ යුතුයි අපෙ හදවත් තුළ ඉවසීම
එවිටයි දිවියේ ඔබ ලැබ ගන්නේ පරම සම්පතේ සැනසීම
----------------------------------------------------------------------------
සිරිලංකාවේ පදිංචි බී.ජී. ඇලෝෂියස් වන මා විසින් වර්ෂ 2013 පෙබරවාරි
මස තුන්වෙනි ඉරුදින පුවත්පතක පලවු ලිපියක් ආශ්‍රයෙන් කවිකර
අන්තර්ජාලයේ මුහුණුපොතේ කවිපිටු හරහා බෙදාහරින ලදී

(උපුටා ගෙන පල කරන ලද්දකි.)