කවි කියවන්න ආව අය

Showing posts with label මදුර වික්‍රමසිංහ. Show all posts
Showing posts with label මදුර වික්‍රමසිංහ. Show all posts

Wednesday, March 9, 2016

නාරි ප්‍රතිමාවට පෙම් බැඳි තනිකඩයා ..!!

නාරි ප්‍රතිමාවක් සහ තනිකඩයෙක්......

මගෙ කුටියට පෙනෙන ලෙස ගේ උයන්........................කොනේ
හැම දා මත් සිටිය - මට ලැබ දෙමින්..............................සෙනේ
මගෙ පෙම්වතිය නැහැ - ඇය ඒ සිටිය..............................තැනේ
දෙවියනි කියනු මැන ඇය හට මොකද..............................වුනේ...?

තදට ම වහින පායන කාලෙදි ද........................................එයා
සිටියේ ගෙ-උයනේ මයි කිසි තැනක..............................නොයා
නිවසේ මා නොමැති පැය කීපයක්..................................සොයා
මෙහි ආ සොරෙකු ඇය කොහි හෝ රැගෙන........................ගියා..!

ඇය මෙහි පැමිණ ගත වුන වස.....................................පුරාවට
ගොස් නැත මෙතෙක් මගෙ නෙතු මානයෙන්........................පිට
පවසා නැතත් මට වදනින් කතා.....................................කොට
ඉඳුරා දනිමි මම - ඇය පෙම් කලා.....................................මට

වන මල් ඔටුන්නකි පළඳින සිරස .....................................මත
මන මත් කරන බැල්මකි නිති රැඳුන................................නෙත
වරළස මුදා හල - දඟ යුග තෙක්ම....................................ඇත
සැරසී තිබුණි සුසිනිඳු සලුවකින්.............. ..........................ගත

සුරතේ පැසකි - එහි වේ ඇය නෙළුව.................................පළ
පෙන්වයි සිතේ තුට දකුණත විදා.......................................හළ
ගත ඇඳි දුහුල් සලුවෙන් ලැම පෙනෙන..............................කළ
නැග එයි සිතක් තුල අනුරාගයෙහි......................................රළ

හැඩ පුලුළුකුල සහ ගානට සිහින්......................................ඉඟ
පිරි දඟ යුගල නෙක අශා මවන.......................................ඇඟ
නිහඬව ගලා ගිය අනුරාගයෙහි............................. ..........ගඟ
නොසිඳී ගලනු ඇත ඒ 'සොර හිමිගෙ' ............................. .ලඟ...!

සමහර දිනෙක රෑ - ළා සඳ එළිය.....................................ඇතී
කරදර කරන විට ගත රාගයෙහි............................ ..........එතී
මනසින් ලඟට ලං වී ඉවසුමක්.......................................නැතී
ඇගේ සියොලඟ ම තවරමි මම දෙතොල්..........................පෙතී

නොඇසෙන ඇසෙන ගානට ඇගෙ මුවෙන්.........................එන
තුටු කෙඳිරියෙන් ගත සිත කිති කැවී..................................යන
නැඹුරුව ඇගෙ ලැමට - සලුවෙන් මුදා............................ගෙන
දෙතොලින් දොවමි පියයුරු තුඩු මෝදු...............................වන

මනසින් ගෙනත් සතපා ඇය යහන...................................මත
පොඟවමි හාදු වැස්සක කිරිගරුඬ.....................................ගත
එතකොට ට දැනෙන පවසනු බැරි සුවය............................වෙත
ආසා කලා තනිකඩ මගෙ තුරුණු......................................සිත

ඇගෙ පෙම් පහස එලෙසින් විඳ ඇති...............................හින්දා
අප පෙම් පුරාවත යළි මතකෙට...................................කැන්දා
ඒ සුව මතක පන්හිඳ තුඩගෙහි.......................................රන්දා
ඇගෙ නාමයෙන් මේ පැදි පෙළ පද...............................බැන්දා....

මදුර වික්‍රමසිංහ කිවිඳුන්ගේ නිර්මාණයකි
2013 පෙබරවාරි මස 2වන දින.

ඇය මිය ගිහින්..!!!

ඇය මිය ගිහින්..............

ද ව සක - ගෙවී ගිය ගිම්හානයෙහි.......................අග
හ ව සක පියාඹා මා එන අතර.............................මග
ස ව නට ඇසුන පෙම් ගීයක් නිසා.........................දිග
ගු ව නින් වහා බැස වැසුවෙමි - ගසක..................නුග

පැ මි ණිය දිසාවට ගී හඬ සුළඟ.........................දිගේ
හි මි හිට යොමු කලා මතකයි දෙ-ඇස................මගේ
නැමි අතු ඉති යටින් දුටු හැටි මුහුණ...................ඇගේ
ඉ මි හිරි මතකයක් විලසට සිතට.....................නැගේ

ඇ ය වෙත මගෙ සිතැඟි තෙරුම් යන................ලෙසට
ග ය මින් ගීත - ගොස් වැසුවෙමි එම..................ගසට
බි ය සැක සිඳී සිත - ඇය පෑ..........................මදහසට
නි ය මින් ඇසිමි පිළිතුර මගෙ.......................අදහසට

ඉ ස් සුනි පෙඳය කිසියම් තාලෙකට...................වගේ
ගැ ස් සුනි දෙඇඳි - එය නම් දසුනකිය................අගේ
වැ ස් සක් ලෙසින් වැස හැඟුමන් සිතට...............මගේ
හි ස් යයි සිතුනි හද - නැති නම් සෙනෙහෙ.........ඇගේ

එ ද වස පටන් බැඳෙමින් පෙම නැමති..............දමින්
නි ද හස් ලෙසින් රිසි රිසි තැන ඉගිල.................යමින්
ල ද දුක සහ තුටට එක ලෙස මුහුන................දෙමින්
අ ද වන තුරා සිටියෙමු අපි අචල....................පෙමින්

හැ ම මොහොතම ගෙවා වන විල් උයන්..............වල
මෙම මා කියන දා - සුන්දර හවස්......................කල
කි ම දැයි නොදැනුනද - ඇගෙ නිල් නුවන්..........තුල
ම ම දුටුවෙමි 'යමක්' - කළඹන හැඟුම්...............විල

හු රු අනුරාග බැල්මෙන් හැඩ වුන..................නෙතට
ද රු පෙම කඳුළු ලෙස විත් පෙනුනා...............තෙතට
අ රු තක් රැගෙන ආ - මගෙ දිවි මං................පෙතට
කරු ණක් වුනා එය - තුට දනවන....................සිතට

අ ද හස ලෙස ඇගෙද - නිවසක් හදන...............නියා
නි ද හස් තැනක් සොය සොය හැම තැනම...........ගියා
උ ද යක මෙතැන දැක තව දුර ඉගිල..............නොයා
එ ද වස ඇරඹුවෙමු වැඩ - ගෙය හදමු................කියා

ගෙන විත් කෝටු සහ පරඬැල් විටින්....................විට
තැන නිසි ලෙස බලා තැන්පත් කරන...............කොට
සැන සුම සතුට මා දුටු ඇගෙ නුවන්....................යට
උ න නා කඳුලු අතරින් පෙනෙනවා....................මට

වැ ඩ නිම කළ නිවස දෙදෙනම වෙහෙස...........ගෙන
හැ ඩ කෙරුවේ ඇයයි අරගෙන පළමු................තැන
අ ඩ අඳුරෙම එදා - කාලය නොගෙන..............වෙන
ඉ ඩ ලැබ ගතිමු 'එක වහලක්' යටට..................යන

ස ති කිහිපයක් තව එලෙසින් ගෙවුන.................තැන
ග ති යක් වෙතැයි පවසා කුස රිදුම්....................දෙන
ඉ ති රෙන දරු පෙමින් හිමි දුක දරා.................ගෙන
වැති රුනි ගෙබිම මත - ඇය මේ කියන...............දින

දු ර නොව නිවස අසලම අතු අගක..................වසා
ත ර මක් වෙලා සිටියෙමි ඇගෙ කෙඳිරි..............අසා
ද ර මින් එදුක - මට තව ඉනු නොහැකි...........නිසා
වෙර ගෙන ඉගිලුනෙමි අඳුරෙම දෙඇඳි..............ගසා

රැ ය ගත වී කෙමෙන් අරුනළු වැටෙන.........කොට
ඇ ය වෙත පැමිණියෙමි - නොඇසුනි කෙඳිරි.......මට
සොය මින් ඊට හේතුව නෙතු යොමන.................විට
පි ය සෙනෙහසට නැගුනා නෙත කඳුලු..........කැට

පෙඳ ය ද තබා ගෙන තරමක් උඩට....................කර
ඉ ඳ ගෙන බිජු උඩින් - නොයෙදෙන පරිදි...........බර
බ ඳ යට තබාගෙන රකිනා අතර.......................තුර
ළ ඳ මගෙ - තුටින් විය නොදුටුව තරම්..............පෙර

හි ට ගෙන එහිම- එම බිජුවට මට..............පෙන්නා
තු ට මුසු හෙටක් ගැන හැඟුමින් ඇය............උන්නා
ක ට යුතු බොහෝ දේ ඉන්පසු................කරපින්නා
පි ට ගියෙ නෑ ගෙයින් - එක විට අපි...........දෙන්නා

සි ත මින් පරිස්සම බිජුවට කෙරෙහි..................ඇති
නි ත රම උඩට හරවා රත් නොවුන...................පැති
ග ත යට තියාගෙන තුන් තිස් පැයෙහි................නිති
ම ත කයි මවක ලෙස ඇය පෑ අමිල.................ගති

වෙන දා මෙන් අද ද සුපුරුදු පරිදි.......................එයා
දි න යෙන් අඩක් ගෙතුලම සිට ඉවත.............නොයා
තැ න මට ලබා දී බිජුවට රකිනු........................කියා
ව න පෙත දෙසට - තටු සලමින් ඉගිල...............ගියා

පැ ව රුන වැඩේ නිරතව මා එතැන්...................සිට
ද ව සෙහි ඉතිරි අඩ ටික ටික ගෙවන................විට
ප ව ස ද විටින් විට පීඩා කලත් ......................මට
ඉ ව සා ගෙන වුනිමි නොගියෙමි ගෙයින්...........පිට

ග ත වී යද්දි කාලය පැය ගනන්................ලෙස
නි ත රම සිතුනි එයි - ඇය වන පෙතින්.........බැස
කොත රම් බලා සිටිය ද වන පියස.................දෙස
නැ ත පැමිණියේ ඇය - කල් ගත වුනා............මිස

පි ය ඹා පිටට විත් ගෙයි ඉනු බැරිම.............තැන
සොය මි න් ගියෙමි වනයෙහි මගෙ පියඹ.........ගැන
දි ය පිරි විල අසල ගොස් අප වතුර.............බොන
ඇ ය මිය ගිහින් ! තණ බිස්සෙහි වැතිර..........ගෙන

වි ල වෙත පහත් වී දිය බොන වෙලෙහි............අද
ග ල කින් වැදී ඇති පහරක් නිසා....................තද
ගැ ල වුන පියා පත් හමනා සුළං....................වැද
සෙල වෙයි විසිර ගොස් තණ පත් අතර............මැද

ඇ ල වී පැත්තකට හිස - නෙතු විවර..............වෙලා
ගෙල පෙදෙසම රතුයි - රුධිරය පිටට...............ගලා
ග ල කින් පහර දී ඒ අසරණිය......................තලා
ම ල - මා නෙලුව - කිසිවකු මට අහිමි...........කලා

මදුර වික්‍රමසිංහ  කිවිඳුන්ගේ නිර්මාණයකි.
2014 අගොස්තුවේ 10 වන දින.