කවි කියවන්න ආව අය

Showing posts with label පත්මා මල්ලිකා ආරච්චි. Show all posts
Showing posts with label පත්මා මල්ලිකා ආරච්චි. Show all posts

Wednesday, March 9, 2016

එදා මඟුල....

>>>>> එදා මඟුල>>>>>
බලයි..... පොරොන්දම් ගැලැපෙන වාද...............කියා
ගෙනෙයි.... නැකත් සුබ මඟුලට දිනත්.................ලියා
කියයි ....ගමට මත් දෙන බව දීගෙ.....................එයා
දුවයි.....ගෙනාවේ නම්බුව පවුලෙ........................තියා

උයයි.... කැවූම් අතිරස උණු තෙලෙන්...................බැඳ
හොයයි...ගැහැණු එක්වී කෙනෙකුගේ...................ඇද
බැදෙයි...තොරණ ගේ ඉදිරියෙ උසින්.....................තද
කපයි....හැඩට අලවන කොළ මඩුව.......................මැද

කරයි...... පාට ගෙට ගෙන එන අලුත්.....................බවක්
පායි........සිනා වටකර ඇය කෙල්ලො.....................ගොඩක්
මසයි......කෙනෙක් සාරිය වැඩ දමා.........................කොනක්
පිසියි......සැමට වෙහෙසන දාවලට..........................බතක්

තොසයි.....පෙනෙන්නේ දුටුවම මුහුණු....................පුරා
පිඹියි.......ලිපට හතිදා දාඩියත්..............................පෙරා
පුරයි........කතාවට කළයුතු දෑ...............................සපුරා
අහයි.......සොපිය බව නැන්දට මතක්.......................කරා

තොරයි......තොන්චියකට නැති කමට.......................බහේ
ගෙනෙයි....මතකයට එතන ගෙ මගුල්.......................දොහේ
උනයි.....කලබැගෑනිය පසුවදා.................................සහේ
දෙසයි......ඔපෙ අච්චාරුවෙ දමන්.............................පහේ

පත්මා මල්ලිකා ආරචිචි කිවිඳියගේ නිර්මාණයකි
31/01/2014

වරෙන් ගම රට මගෙ දුවේ...

.........වරෙන් ගම රට මගේ දුවෙි........

විඳි දුක් ගැහැට නුඔ හින්දා ඵදා...........මම
වටහා ගන්න බැරිවිය ලද තරැණ........කම
කිරි කර පෙවිව ලේ වල වන්දියට.......සම
වෙන්නට දුවෙි කරපන් ළං වෙලා........පෙම

පෑරෙන තරමි හදවත වේදනා.............දිදී
කෝමද ලියා පෙන්වන්නේ වචන.......මදී
ආදර සුවය විදිනට පොඩි කාළෙ........විඳී
ආපසු වරෙන් ගම රට මව බලා...........හිඳී

එදා වගෙම තවමත් ආදරෙයි..............දුවේ
හදා දෙන්න මයි මන්දිර ගත්තෙ..........ජවෙි
මුදා හැරියෙ අත් විඳිනට දහම.............ලොවෙි
බදා ගැනුම පිළිවෙත් දුටු තරම්............නොවෙි

පත්මා මල්ලිකා ආරචිචි කිවිඳියගේ නිර්මාණයකි
12/11/2014