කවි කියවන්න ආව අය

Showing posts with label පියසේන මුණසිංහ. Show all posts
Showing posts with label පියසේන මුණසිංහ. Show all posts

Saturday, February 27, 2016

නොමිනිසුන් නොවේවා...!!

නොමිනිසුන් නොවේවා...

සිතට එකඟව සිතා බැළුමට බොහෝ දේ අද සිදු.............. වෙතී
නෙතට සුව දෙන මලක් පිපුනද යටින් විෂ පිරි කටු............ ඇතී
අතට කළු සල්ලියෙන් පිදුනම වෙන නිසා එයටම............. .ගැතී
කැතට මිස ලස්සනට නොසිටින අරුමෙ කිම අරගෙන........ පැතී.....

බඳින විට ඉනිමගට ටික ටික ඉහළ යන්නට නෙක............... පඩී
වඳින හැටි අමතකද ගුරෙකුට කිසිවකට සිත නැති.............. .දැඩී
සිඳින තරමට ගුරෙකුගේ දිවි ඉපිදමින් පාපය................... වැඩී
හැඳින ගත් විට අවට ලෝකය සිඳිත ඉණිමග ගෙන............. .එඩී....

ලතාවට කිම මුසා බස් අද ගොතන්නේ හර බර............ ..ලෙසින්
කතාවට හරි හපන් අයහට මැවේ බොරු අහසට...............උසින්
සිතා සිට තම හදට සන් කර අසන විට නින්දට...............ගොසින්
ඇතා වටපිට බලා නොම යනු පෙනේ මඟ නිවැරදි............ඇසින්......

උගෙන ශිල්පය ගුරුන් පසු පස ගොසින් තමනගෙ දුක........ කියා
රැඟෙන දැනුමන් ගුරුන් පෙලනා දනන් සම විෂකුරු.......... .නයා
නොගෙන යහපත තමන් හරියයි සිතත හොත් නොම වන......දයා
ඉගෙන ගත් දෙය යාවි ගිලිහී සොබා දම සැම දත්.............. නියා...

අනේ ඇති නම් මොළය කළඳක් උඩඟු නොම වනු කිසි....... .දිනේ
සෙනේ පෑමට කිමද අපහසු සැමට නොම කරමින්............. විනේ
දැනේ නම් තම නියත මරණය කුහක සිත් මතු වන............ තැනේ
වනේ වන හතුරෙකුට වුව දුක නොදී පෑයුතු වෙයි ............සෙනේ.....

පියසේන මුණසිංහ කිවිඳුන්  විසින් 13/10/2012 දින ලියන ලද කවි පන්තියකි . මතු සංරක්ෂණය උදෙසා උපුටාගෙන පලකරමි.
නිර්මාණ අයිතිය පියසේන මුණසිංහයන් සතුය.

ජීවිතය මිරිඟුවක්ද..?

ජීවිතය මිරිඟුවක්ද....

ජීවිතය හරි මිරිඟුවක්මය සොඳින් බැළුවොත් ඒ.................... දිහා
කෝ සැපත පැතු කෙමෙන් වියැකී දුකම එයි පෙරටම........... ..වහා
සේසතම නැති වෙමින් මිනිසුන් බිම වැටෙයි පැදුරත්............... ලිහා
සෝ සුසුම් මිස රෑ දවාලෙත් දකිනවද වෙනසක්.................... මහා.....

රුවද තනතුරු තිබෙන විටකදි පිළිගනී අහසට.................. .උසින්
ධනය නිළතල නිසා හැම විට සිතනු ඇත වැදගත් ...............ලෙසින්
කල් ගොසින් දුක් සුළං රැල්ලක් පැමිණියොත් සිවු දිග......... .දෙසින්
වල් වැදී ගොස් අතීතයෙ තතු හණ ගසයි නිකමෙකු............ වෙසින්.....

කොතෙක් යහපත කලත් ඉන් පසු නොමැත හොඳ නම කිසි... ලෙසේ
දමා ඔහු මඟ හැරී බලමින් ඇදෙයි වෙනෙකෙකු පසු............. පසේ
එහෙත් පැගෙන දුගී මිනිසා දනී හැම සිත්වල...................... රසේ
මිනිස් මහිමය සැබැ ගුණ දම් ඉවත්වී යාවිද...................... මෙසේ......

ගිලන්වි අසරණව සිටියත් ලැබෙන පිලිසරණක්..................කොහී
පිනන්නට නෙත, සුරාවට,කත වෙතට මසුරන් වැහි................. වහී
එහෙව් ලෝකයෙ ගමන මෙහෙමයි කපන්නට බැරි ලෙස...... ...දෙහී
එහෙත් අසරණ දනන් හැමදා විඳියි තම දුක පැහි................. ..පැහී....

රත්තරන් මගෙ සුදා කිව් බස ගිලිහෙමින් නොසිතුව........... ..ලෙසේ
නැත්තෙනම් වහ බීල මැරියන් කියන බස අදහනු............... .කෙසේ
ඇස් වලින් උණු කඳුළු ගිලිහෙනු දැනෙන විට රිදෙනා............. හිසේ
මක් කරන්නද මෙයයි ලද දෙය සිටිනු මැන ඉවසා.............. තොසේ....

පියසේන මුණසිංහ කිවිඳුන් 17/10/2012 දින ඔහුගේ මුහුණුපොත් පිටුවට යොමුකළ කවි පෙලකි.. නිර්මාණයේ අයිතිය ඔහු සතුය. මතු සංරක්ෂණය උදෙසා  උපුටාගෙන පල කරනලදී..

Friday, February 26, 2016

අපායේ නොවැටෙන්න..

අපායේ නොවැටෙන්න

පවු කරනා දනන් නිරයෙහි .............උපදින්නේ
යම රජු ඔවුන්ගෙන් හැම තතු......... විමසන්නේ
කළ මහ පවු වලට දඬුවම් ...........ලැබ ගන්නේ
ගැලවිය හැකි මඟක් නොමැතිව... ලත වෙන්නේ...

දඬුවම් දෙන්න පෙර අසනා පැන .............වලට
දෙන පිළිතුරට සෑහීමක් නැති .................කලට
සිදුවෙයි ඉවසන්න දෙන දඬුවම් ...............වලට
පවු නොකරතොත් නොවැටේ දුගතියෙ... හෙලට....

“එක්තැන් වෙලා ගත දුබලව සිටින ...කෙනෙක්
දැකලා කිමද අත් නොහැරියෙ මෙහෙම.. පවක්“
“යම රජුනේ නොසිතුවෙමි මම එහෙම ..දෙයක්
පවු මිස හොඳක් නොම සිතුවෙමි කිසිම.. දිනක්“

“එහෙනම් කියව වයසට යන අය.......... දැකලා
තේරුම් නොගත්තේ එය කිමදැයි ........කියලා“
“සිතුවේ නැත යමක් මේවා ගැන.......... බලලා
පවු වැඩුනා දිනෙන් දින මා තර........... කරලා.“..

“කිමදෝ කියව කෙනෙකුගෙ මරණයක්. .දැක
සිතුවේ නැත්තෙ අප කවුරුත් මැරෙන...... එක“
“සිතිවිළි ගොඩ ගැසී වල්මත් වෙමින්..... නෙක
මරණය ගැන වුවද මම නොම කලෙමි... සැක.“.

“දකිමින් ළදරුවෙක් එක තැනවී........... හඬන
ඇයි නොසිතුවේ පවු නොකරන්නට .......නිතින“
“රජුනේ සිතන්නට කිසිවක් නොම......... සිතින
ඉපැදුම දුකක් බව මට නම් නොම....... දැනින“

“වරදක් නිසා දෙන රජ දඬුවමක් .............දැක
කිම බිය නොවුනෙ නුඹ ඔය පවු වලට.. නෙක“
“ඒ ගැන සිතත්නට සිතිවිළි නොලද .........එක
කිමදැයි කියා යම රජුනේ මටද ..............සැක“....

ගලවන්නට අපායෙන් කිසි මඟක්......... ..නැත
යම රජු නිහඬවිය බලමින් ඔහුගෙ............ සිත
යම පල්ලන් ඇවිත් පවුකාරයා............... වෙත
දඬුවම් පමුණුවයි ඉන් ගැලවුමක්........... නැත..

සුළු හෝ පිනක් ඇතිනම් ඉන් චුත....... වන්නේ
නැතිනම් අපායෙහි දුක් විඳිමින්.......... ඉන්නේ
එබැවින් පවට බිය ඇති සිත්.......... .සදමින්නේ
වැඩුවොත් කුශල් නැත නිරයෙහි ලත ..වෙන්නේ...

පියසේන මුණසිංහ...."සිත නිවන කවි"
....බණ දහම් ඇසුරෙනි......

අම්මාවරුනේ

නිම්මා නැති මේ සසර පුරාවට සෙනෙහස විහිදන සුවඳ ............සඳුන්
පෙම්මාදර ළය ලොවක් තනන්නට ජීවය හැමවිට වෙමින්.......... බඳුන්
නම්මා මුළු ලොව ගරු පුද දෙන්නට ජනිතව සුවඳැති මලසෙ..... ළඳුන්
අම්මාවරු විය දෙවැනි බුදුන් ලෙස ලොව උයනක් කරවන්න..... නඳුන්...

බෝරුක විලසට පිදුම් ලබන්නට බුදුවරු හැර කවුරුද ...........ඉන්නේ
බාධක හිරිහැර මහමෙර සේ වුව කිකලද ඒ ගැන බිය............ වන්නේ
දාරක පෙම ගැන පොතක් ලියන්නට අම්මේ ඔබ ගැන හැකි ...වන්නේ
නෑසැක මතු හැම උපදින භවයෙහි නැත කිසි විටකදි දුක් .......වන්නේ

දරු සෙනෙහස ඇගෙ නොමියයි කිසි විට මේ ලොව හැර ගිය මුත් අම්මා
හුරු කර යහගුණ මිනිසෙකු කෙරුමට තම සැප ඇය ඉවතට .......දැම්මා
සරු දිවි පෙවෙතක් උරුම කරන්නට වෙහෙසුන හැටි ඇය නැත...නිම්මා
නිරුදක කතරක දිය උල්පත ලෙස අමිළවු අගයකි අපෙ............. අම්මා

සොඳුරු ලොවක හිරු පායා එන්නට අත දෙන පෙම්බර කුළුණු ...ගුණේ
මැදුරු තුලද පැල්පත වුව හිමි තැන කිසිදා සඟවා නොමැත .......සෙනේ
අඳුරු කරන්නට බැළුවත් ඇගෙ ලොව සමහර දුදනන් විලස .......අනේ
සිදුරු තුඩක්වත් ගැසියැකි වෙනවද මව් වරු විලසින් ලදැති......... පිනේ

කුළුණු ගුණය හැම මවකට පෙන්වා ගරු කටයුතු සිදු කල .......යුත්තේ
දරුණු නොවී පියවරුනි මවක් වෙත සෙනෙහස පුද කල යුතු ....සත්තේ
පිරුණු ගුණය මව් කෙනෙකුට සම ලෙස පියවරුනට කිසි විට .නැත්තේ
කරුණු දැනෙන පියවරු හැම දරුවන් ඉනු මැන මල් ලෙස එක ඉත්තේ.....

පී.මුණසිංහ කිවිඳුන්ගේ නිර්මාණයකි.
සිත නිවන කවි...12/05/2013...