කවි කියවන්න ආව අය

Showing posts with label ජී . ජී නන්දනී. Show all posts
Showing posts with label ජී . ජී නන්දනී. Show all posts

Sunday, February 28, 2016

විවිධ ප්‍රසංගය

෴ විවිධ ප්‍රසංගය ෴

ගින්දර මල නටයි කුප්පිය මත................රුවට
ගැටබෙර දවුල තම්මැට්ටම තාල ..........පොට
කලකින් දැකපු හිතමිතුරන් වී.................එකට
උනුනුත් හිනා වෙන ලස්සන පෙනෙන...කොට

සීනුවටත් හොරෙන් වික්‍රමරත්න..............ගියා
උදෙත් නොකා ආවයි බන්ධුලත්.............ගියා
සර්.....මාත් අද යන්න ද වෙලා................ගියා
ගණන් පන්ති ගිය සතියෙත් නැතුව........ගියා

"මාතලී"ට බස් එක තිබුණි ද.................සැකය
"දිසාපාමොක්" ට ටියුෂන්.................හතරටය
"සක් දෙවිඳුන්" ට පලුවිමනේ රෑ...........වැඩය
"අමරා දේවිය" ට ගිරවුන්ගේ................හබය

කරලිය කෙතය රෑ ගජගා................වන්නමට
හනුමා නටයි දහවල හේනේ..................අවට
කාලය අරන් තුරඟා පැන්නයි...............ගඟට
රොටියක්  පුළුස්සා ගමි වේලට.................රෑට

ජී.ජී. නන්දනී  කිවිඳිය කාලයකට ඉහත දිවයින 'මීවිත' අතිරේකයට ලියූවකි..
උපුටාගැනුම සුමිත් නිරිඇල්ලගේ මුහුණුපොත් පිටුවෙන් .