කවි කියවන්න ආව අය

Saturday, February 27, 2016

කිත්තම්මහර 18

කිත්තම්මහර 18

පොලිසිය කීය මෙහි ගෙන ආ කාරණය
ගැලවෙන මගක් නෑ විය අවධාරණය
අත්හළ හෙතෙම හිත තුළ වූ තීරණය
ටෝනී පටන් ගති පාපොච්චාරණය

මතුගම යවා මා අරගෙන කෙල්ල මගේ
ඇය කෙළෙසීය ඌ මදිවට පුතත් උගේ
ඌමයි මරල එල්ලුවෙ ගෑණිවත් උගේ
පරමම හතුර ඕකයි මතු බවෙත් මගේ

දිනයක පැමිණිවිට මා ඇය දැකගන්ට
මිනිසුන් දමා ගැහුවා ඇට කුඩුවෙන්ට
ඉන්පසු සිතාගත්තෙමි මම පලිගන්ට
කෝකිය යොදා ගත්තේ ඔත්තුව ගන්ට
..................................................ශාරා

කල් යල් බලා ආවා මාරක දිනය
මාරය ළඟදි කොයි බලයත් අසරණය
ඒකට හොඳම නිදසුන සම්බුදු බණය
හෙට තනිකරම ලියැවෙන්නේ ඒ ගැනය

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි .

No comments:

Post a Comment