කවි කියවන්න ආව අය

Saturday, February 27, 2016

විරහිණියකගේ වලප...!!!

පද තනු විය ව සියොතුන් අතහැර.........ලන්ද
කඳ තුරු ලපලු මත මල් පල තොර........මන්ද
හද වෙණ වැයෙත සෝ ගී තත් සර........බින්ද
අද අහලක නැතිය මගෙ සුවබර...........නින්ද

පෙර බිණු මුදු වදන් හී සෙය ළයෙහි........ඇනී
වර පට බිඳ දැහැන් මතකය ඔබෙහි.........පනී
හිර කරවන සුසුම් ඇවිලෙය හදෙහි.........ගිනී
නරකය මෙයම වෙමි නුඹ නැති දියෙහි... තනී

තුඩ තුඩ ගෑ විලස බැඳ දුන් පරම.........සෙනේ
ඉඩ අහිමිව ගියෙනි,මට අද මෙහෙම.....වුනේ
මැඩ පෙම්සිත පවස,ගෙව්වත් කොහොම දිනේ
කැඩපත අභිමුව'ද මට ඔය රුවම........පෙනේ

නිර්මාණ අයිතිය  -- ඉන්දු ලියනගේ -- 13/8/15.

No comments:

Post a Comment