.........කළු ගං කොමලිය......
සම නළ ගිරෙන් පහළට දිව එන------------------දැරිවී
සැම ඇළ දොළක සෙනෙහස් දිය ගෙන-----------පිරවී
නිම කළ තුරුණු ළඳකව දන මන------------------බරවී
ගම කලඑළිය කර ඇගෙ අභිමන-----------------පෙරවී
ලිය ගුණ අරන් සිසිලස ලද අවට---------------------දන
ණය වෙන නමුදු බොර දා යති ඇයට--------------බැණ
කය සනසවන විට මුහු වන කිළිට-------------------දැන
ඇය සැනසුනේ දී නිතරම පවට----------------------පින
දිය යට අනගි මිණි ඇත බිම-------------------පෝෂිතය
එය වට වැලිය ගොඩ දැමුවෙම-------------------ජීවිතය
පැය කට වුවද ඇගෙ ඇසුරම---------------------මීවිතය
ඇය හෙට නොමැති විලසිනි සැම---------------භාවිතය
සං කර ගතිය හුරු කල නුසු-----------------------දුස්සාව
ගං තෙර, පතුල විළි බිය නැසු---------------------රස්සාව
දැන් පෙර පවකි. හැඟුමකි මුසු-------------------ජුබ්සාව
යන් තර මිණි සොයන් නුසුදුසු--------------------ගබ්සාව
සළු ඇඟ මුදන විලසට ඇද බිඳ---------------------ඉවුරූ
මුළු නගරයම නිහඬය අත් බැඳ-------------------දෙවුරූ
සුළු වග නොවෙද ඇගෙ පෙම පණ පුද------------දිවුරූ
කළු ගඟ අඟන වැළපෙනු දුටුවද-------------------කවුරූ
දිය වත කොමල වුව සත වෙත පුරණ--------------බැතී
පැය හත අටෙන් වැහි ගතු ලඟ උරණ---------------ගතී
සිය ගත වැළට දී ගඟ වෙත නැමුණ-----------------එතී
ඇය වෙත ළබැඳි මගෙ රුව මං හඳුන---------------ගතී
සමීර සෝමරත්න කිවිඳුන්ගේ නිර්මාණයකි .
*මගේ නොවන මගේ ආදරේ*
No comments:
Post a Comment